උණුසුම් පුවත් – පැනගිය ආසාධිතයා පෙම්වතීයගේ නිවසේ  සිටියදී  සොයාගනී

උණුසුම් පුවත් – පැනගිය ආසාධිතයා පෙම්වතීයගේ නිවසේ සිටියදී සොයාගනී

මාකොල උතුර ප‍්‍රදේශයේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී සිය නිවසින් පලා ගිය කොරෝනා ආසාදිත තරුණයා සොයා ගෙන තිබුනා

පොලිසිය පැවසුවේ එම ප‍්‍රදේශයේම ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියදී තරුණයා සොයා ගත් බවයි

සෞඛ්‍ය අංශ මේ වනවිට එම නිවස වෙත ගොස් අවශ්‍ය කටයුතු සිදුකරමින් ඇති බවයි සපුගස්කන්ද පොලිසිය පවසා සිටියා

වයස අවුරුදු 22ක් වන එම තරුණයා මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක්ව බන්ධනාගාරගතව සිට ඉකුත්දා නිදහස ලබා පැමිණ තිබුන අතර ඉන් පසු පී සී ආර් පරීක්ෂණයකට ලක්කර ඔහු සිය නිවසේ නිරෝධායනයට යොමු කර සිටි බවයි පොලිසිය පවසා සිටියේ.

ඊයේ පලා ගිය මෙම තරුණයා කොරෝනා ආසාදිතයෙකු බවට සිදු කෙරුණු පී සී ආර් පරීක්ෂණයෙන් අනාවරණ වී තිබුනු අතර.

පසුව ඔහු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කලා. ලද තොරතුරක් මත අදාල තරුණයා අත්අඩංගුවට ගත් බවයි සපුගස්කන්ද පොලිසිය පවසා සිටියේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *