Sri lanka cricket – පළමු දිනයේම ලංකා පිළ ප්‍රබල ස්ථානයක චන්දිමාල් සහ ධනංජය තැබූ වාර්තාව මෙන්න

Sri lanka cricket – පළමු දිනයේම ලංකා පිළ ප්‍රබල ස්ථානයක චන්දිමාල් සහ ධනංජය තැබූ වාර්තාව මෙන්න

සත්කාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනයේදීම ප‍්‍රබල ස්ථානයක පසුවීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඉයේ දිනයේ හැකිවුනා ඒ පළමු දිනය නිමාවන විට පළමු ඉනිම සදහා කඩුලූ 6ක් දැවී ලකුණු 340ක් රැස් කිරීමත් සමඟයි

ශී‍්‍ර ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 85ක් රැස් කළ අතර පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනංජය ද සිල්වා අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වුණේ ලකුණු 79ක් ලබා සිටින අතරතුරයි දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සිව්වන කඩුල්ල සදහා ගොඩනැගූ ලකුණු සංඛ්‍යාව 131 වනවා

එය වාර්තා වූයේ සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට්ස් පාර්ක් කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලාංකික පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් සදහා රැස් කළ ඉහළම ලකුණු සබදතාව ලෙසටයි ඔවුන් දෙදෙනා විසින් බිද දැමුවේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පිහිටුවා තිබූ වසර 18ක් පැරණි වාර්තාවක් වනවා

2002 වසරේදී මෙම කී‍්‍රඩාංගණයේදී තුන්වන කඩුල්ල සදහා ලකුණු 119ක සබදතාවක් ගොඩනගමින් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මීට පෙර මෙම වාර්තාව තබා තිබුනා

ශී‍්‍ර ලංකා පළමු ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණුු 49ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 22ක් රැස් කළ අතර සිය මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන වනිදු හසරංග ලකුණු 18කට ක්‍රිඩාගාරයට හරවා යැවීමට දකූණු අප්‍රිකාණු පන්දුයවන්නන් කටයුතුකලා

පළමු දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දසුන් ශානක ලකුණු 25ක් සහ කසුන් රාජිත නොදැවී ලකුණු 7ක් ලබා සිටින අතර පන්දු යැවීමේදී වියාන් මුල්ඩර් ලකුණු 68කට කඩුලූ 3ක් බිද හෙලූ අතර සෙන්චූරියන් හිදි පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය අදයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *