කොරෝනා අවදානම ආරම්භ වීමත් සමග මීට වසර 9කට පමණ පෙර මෙරට ගුවන් තොටුපොලවල් විදෙස් ජාතිකයින් සඳහා වසා දැමුණා.ඒවා යොදා ගනු ලැබුවේ විදෙස් රටවල සිටින ශ්රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහායි.
කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම වෙනස් වූ නව කොරෝනා වෛරසයක්ද මේ වන විට යුරෝපා රටවලින් හඳුනාගෙන ඇති අවස්ථාවක, බොහෝ රටවල ගුවන්තොටුපොලවල් යලිත් වසා දමන වේලාවක ශ්රී ලංකාවට යලි විදෙස් සංචාරකයින් ගෙන්වීම ආරම්භ කර තිබෙනවා.ඒ අනුව මාස 9කට පසු පුද්ගලයින් 185කින් යුත් පලමු විදෙස් ජාතික කණ්ඩායම අද පස්වරුවේ මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොල වෙත පැමිණ තිබෙනවා.