නැගෙනහිර පළාත මූලික කරගෙන අලුතින් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් බිහි වී ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කරගෙන තිබෙනවා
ඒ හේතුවෙන් එම සංවිධානය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වා ගෙන යමින් ඇතිබවද සදහන්
මුස්ලිම් ආගම විනාශ කිරීමට අනාගතයේ දී බිහිවෙන බව කියන නායකයෙකුට විරුද්ධව දැන් සිටම මුස්ලිම් ජනතාව දැනුවත් කිරීම මෙම සංවිධානයේ අරමුණ යැයිද අනාවරණය වී තිබෙනවා
මෙම නව සංවිධානයේ නායකයා ලෙස වෛද්‍යවරයෙකු කටයුතු කරන බවටත් දැනට එහි සාමාජිකයන් 30 දෙනෙකු පමණ සිටින බවටත් තොරතුරු හෙළි කරගෙන තිබෙනවා
අන්තර්ජාලය ඔස්සේ එම නව සංවිධානය විසින් ක්රියාකාරිකයන් ප්‍රවර්ධනය කිරීමට යෙදී සිටින බවටද කරුණු අනාවරණය වී තිබුනා
සංවිධානය පවත්වා ගෙන යාම සඳහා අරමුදල් මැදපෙරදිග රටකින් ලැබෙන බවට ද තොරතුරු හෙළිවී තිබෙනවා