උණුසුම් පුවත් – විදුලිසැර වද්දා දළ ඇතෙකු ඝාතනයකල කිලිනොච්චියේ පාපතරයා

උණුසුම් පුවත් – විදුලිසැර වද්දා දළ ඇතෙකු ඝාතනයකල කිලිනොච්චියේ පාපතරයා

කිලිනොච්චිය කල්මඩුකුලම් ප්‍රදේශයේ සද්දන්ත දළ ඇතෙකු විදුලිසැර වැදීම හේතුවෙන් මිය ගොස් සිටයදී සොයාගත් බවටත් දළඇතාගේ මරණය සමබන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය වනජීවි නිලධාරීන් පවසා සිටියා

කල්මඩුකුලම් ප්‍රදේශයේ පිහිටි කුඹුරුයායක දළඇතා මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් දැක ධර් මපුරම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් ඒ පිළිබඳව කිලිනොච්චිය වනජීවි නිලධාරීන්ට දැනුම්දුන්නා

අනතුරුව අදාල ස්ථානයට ගිය කිලිනොච්චිය වනජීවි නිලධාරීන් විසින් දළඇතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ කුඹුර වටා ඇද තිබූ විදුලි කම්බි දල ඇතාගේ පැටලීම හේතුවෙන් දළ ඇතාට විදුලිසැර වද්දා මරණයට පත්කර ඇති බවයි

මේ හේතුවෙන් අදාල කුඹුරුයායේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය වනජීවි නිලධාරීන් විසින් පියවර ගෙන තිබුනා

මිය ගිය සද්දන්ත දළ ඇතා අඩි 07 ක උසින් යුත් වයස අවුරුදු 17 ක් පමණ වන තරුණ ජවසම්පන්න ඇතෙකු බවටත් දළ ඇතාගේ දළ දෙකද අඩි දෙකකට ආසන්න දිගින් යුතු වන බවට වනජීවි නිලධාරීන් කියා සිටියා

අත්අඩංගුවට ගත් සැකකරු අද (28) දින කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර මිය ගිය දළ ඇතාගේ අවසන් කටයුතුද ඉයේ දිනයේ සිදුකල බව කිලිනොච්චිය වනජීවි නිලධාරීන් කියා සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *