හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 195ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර තිබෙන්නේ සංකූල වූ වකුගඩු ආසාදනය සහ කොරෝනා හේතුවෙන් ඉහල ගිය නිව්මෝනියාවයි.
