පාදුක්ක ප්‍රදේශයේ මේ වන විට කොරෝනා හිස ඔසවමින් තිබෙන බවත් මේ වන විට පාදුක්ක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 100 ඉක්මවූ පිරිසක් හඳුනාගෙන ඇති බවත් එම පිරිසෙන් වැඩි පිරිසක් ගලගෙදර නැගෙනහිර ග්‍රාමසේවා වසමේ පදිංචි අයවලුන් බවත් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කර සිටියා.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ එම ප්‍රදේශය හුදෙකලා කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ වෙනත් ප්‍රදේශයන් වෙත කොරෝනා රෝගය පැතිරීම පාලනය කිරීමට උත්සාහ කිරීම බවයි.