වයස අවුරුදු 117ක් වන මෙරට වයස්ගතම කාන්තාව ලෙස නම් දරා සිටි කළුතර දොඩම්ගොඩ ග්රාමයේ පදිංචිව සිටි වේලු පාප්පානි නම් මාතාව අද පස්වරුවේ ජීවන ගමනට සමු දී තිබෙනවා.
1903 වර්ෂයේ මැයි මස තුන්වන දා ඇය උපත ලබා තිබෙනවා.2019 වර්ෂයේ ඔක්තෝම්බර් පළමුවනදා ලෝක වැඩිහිටි දිනය දා ඇය මෙරට වයස්ගතම කාන්තාව ලෙස නම් කර තිබුණා.මිය යන තුරුත් ඇය නීරෝගී ජීවිතයක් ගත කල බව ප්රදේශවාසීන් සඳහන් කලා.