උතුරු පලාත, උතුරු මැද පලාත, ඌව පලාත, මධ්‍යම පලාත, නැගෙනහිර පලාත යන පලාත්වලට විටින් විට වැසි ඇති වන බවටත් මාතලේ දිස්ත්‍රික්කයේ, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී.50 ඉක්මවූ තරමක තද වැසි ඇති වන බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවලට සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවටත් සබරගමුව පලාත, බස්නාහිර පලාත යන පලාත්වල සහ මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.