ගාලු ධීවර වරාය අසලදී සැක සහිතව අත් අඩංගුවට ගත් ධීවර යත්‍රාව තුළ තිබී හෙරෝයින් කිලෝ 1 යි ග්‍රෑම් 992ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 945ක් සොයාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කලා.
අදාල ධීවර යාත්‍රාවේ පස් දෙනෙකු සිට තිබුණත් වැටලීම සිදුකරන අවස්ථාවේ එක් පුද්ගලයෙකු පලා ගොස් තිබෙනවා.අත් අඩංගුවට පත් අනෙක් පුද්ගලයින් 4 දෙනාගෙන් දෙදෙනෙකු මාතර පදිංචි අය බවත් එක් පුද්ගලයෙකු මීගමුවේ අයෙක් බවත් අනිත් පුද්ගලයා පානම පදිංචි අයෙක් බවත් නාවික හමුදාව සඳහන් කලා.
අදාල මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 7 ඉක්මවන බව වාර්තා වනවා.