මහව නගරයේ සැක කටයුතු ලෙස සැරිසරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට යාමේදී එම සිව් දෙනාගෙන් එක් පුද්ගලයෙක් මහව පොලීසියේ සැරයන්වරයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කලා. එම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ඔහු වැඩි දුරටත් පවසා සිටියා.
