ඊයේ දිනයේ හඳුනාගත් කොරොනා ආසාදිතයන් 597ක් අතරින් 63 දෙනෙකු මඩකලපුව දිස්ත්රික්කයේ වීම හේතුවෙන් කාන්තන්කුඩි පොලිස් වසමේ සහ කල්මුණේ ග්රාමසේවා වසම් 11ක් හුදෙකලා කිරීමට පියවර ගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලා.
මෙසේ හුදෙකලා කර තිබෙන්නේ,
- කල්මුණේ එක,
- කල්මුණේ එක සී,
- කල්මුණේ එක ඊ,
- කල්මුණේ දෙක,
- කල්මුණේ දෙක ඒ,
- කල්මුණේ දෙක බී,
- කල්මුණේ තුන,
- කල්මුණේ ඒ යන ග්රාමසෙවා වසම් මෙන්ම,
- කල්මුණේ කුඩි එක,
- කල්මුණේ කුඩි දෙක,
- කල්මුණේ කුඩි තුන යන ග්රාමසේවා වසම්ද මෙසේ වහාම ක්රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බවයි.