දුප්පතාට හිතවත් තවත් රාජ්‍ය ආයතනයක් වන ස.තො.ස. ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද දිනයේ එම ධුරයේ වැඩ භාර ගත් අතර එම උත්සවයට පැමිණ සිටි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ සියලුම ස.තො.ස. අලෙවිසැල් වලින් අලෙවි වන මුහුණු ආවරණ වලින් රුපියලක මුදලක් මහපොල ශිෂ්‍යත්ව අරමුදල වෙත බැර කරන බවයි.එම ශිෂ්‍යත්ව අරමුදල පුළුල් කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසම් මේ වන විට ගෙන ඇති බවටත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
එමෙන්ම ඉහළ ගුණාත්මක බවින් යුත් දේශීයව නිපද වූ මුහුණු ආවරණ පමණක් ස.තො.ස. වෙළෙඳසැල්වල අලෙවි කරන බවත් එම එක මුහුණු ආවරණයක් රු.15ක් වැනි ඉතා අඩු මුදලකට ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා මතක් කර සිටියා.