සුදු ඉරේ අධික වේගයෙන් ආ ත්‍රීරෝද රථයේ ගැටුණු පාසල් දැරියට බරපතල තුවාල

සුදු ඉරේ අධික වේගයෙන් ආ ත්‍රීරෝද රථයේ ගැටුණු පාසල් දැරියට බරපතල තුවාල

ඊයේ දිනයේ සවස 4.00ට පමණ හැටන් – නුවර එළිය ප්‍රධාන මාර්ගයේ කොටගල නගරයේදී පදික මාරුව හරහා පාර මාරු වෙමින් සිටි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී දික් ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ත්‍රීරෝද රථයේ ශිෂ්‍යාව ගැටෙනවාත් සමගම අඩි කිහිපයක් ඇය විසිවී ගොස් තිබෙනවා.ත්‍රීරෝද රථ රියදුරා ප්‍රදේශවාසීන් අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.අනතුරින් එම පාසල් දැරියට බරපතල තුවාල සිදුවී තිබෙන බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *