ප්‍රචණ්ඩකාරී හැසිරීම් පිළිබඳ කුප්‍රකට ඉතිහාසයක් ඇති රාජ්‍ය අමාත්‍යවරයකු මහනුවර පෞද්ගලික හෝටලයකදී අහසට වෙඩි තබමින් විකාර කර ඇතිබව වාර්තා වනවා
මෙම අමාත්‍යවරයා මීට ටික කලකට පෙර අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමට මහ රෑ බීමතින් ඇතුළුවීමට ගොස් එහි ආරක්ෂාවට සිටි නිලධාරීන් සමග ද ගැටුමක් ඇති කරගත්තෙකු වශයෙන් ප්‍රසිධ්ද අයෙකුබව වාර්තා වනවා
මෑතකදී වඩාත් වගකීම් සහගත රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණ ද මහමැතිවරණයෙන් අනතුරුව මුලින්ම ඇමති මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මොහුට ලබාදී තිබුණේ එක් රාජ්‍ය ආයතනයක් පමණක් සහිත කුඩා අමාත්‍යාංශයක් වනවා
ඔහු ජනාධිපතිවරයාගේ එම තීරණය පිළිබඳව ප්රසිද්ධියේමත් සිය නොසතුට පළ කරනු එදා දකින්නට ලැබුනා
පසුව ඔහුට වඩා විශාල අමාත්‍යාංශයක් ලැබුණ ද ඔහුගේ වත්මන් හැසිරීම් අනුව පෙන්නුම් කෙරෙන්නේ එදා ජනාධිපතිවරයා මුලදීම ගත් තීරණය නිවැරදි එකක් බවයි