නව වසරේ සාදයට ගිය සිව්දරු පියා රහසක් ඉතිරිකරමින් තේ වත්තේ අවසන් ගමන් ගිය හැටි

නව වසරේ සාදයට ගිය සිව්දරු පියා රහසක් ඉතිරිකරමින් තේ වත්තේ අවසන් ගමන් ගිය හැටි

නව වසර උදාවේ සාදයකට සහභාගි වු සිව්දරු පියා තේ වත්තේ (01) දින අභිරහස් ලෙස මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසා සිටියා

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් වත්තේ පදිංචි ආරුමුගන් කුමාර් නැමති 39 හැවිරිදි දරුවන් හතර දෙනෙකුගේ පියෙක්

එම වතු යායේම තවත් පිරිසක් සමග (31) රාත්‍රි 8 ට පමණ නව වසර උදාවට සාදයක් පැවැත්වෙන බවත් , තමන් එම සාදයට සහභාගි විම සදහා යන බව තමන්ට පවසා නිවසින් පිටව ගිය සැමියා ආපසු නොපැමිණි නිසා සැමියාව සොයන අවස්තාවේ සැමියා තේ වත්ත මැද අභිරහස් මියගොස් සිටි බවයි ජිවිතක්ෂයට පත් සිව්දරු පියාගේ බිරිද පවසා තිබුනා

මත්පැන් සාදයට සහභාගි වු එම වතු යායේ තරුණයෙකු කියා සිටියේ මිය ගිය අය සමග මත්පැන් සාදයක් පැවැත් වු බවත් , එම සාදය පැවැත්විමෙන් පසු සියළු දෙනාම වෙන් වෙන්ව නිවාස වලට පිටව ගිය බවක්

මත්පැන් සාදය පැවැත් වු ස්ථානයට මදක් දුරින් තේ වත්තේ සිව්දරු පියාගේ සිරුර තිබි හමු වු බවත් , සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව හැටන් පොලිසිය පවසා තිබුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *