නිරෝධායන නීති කැඩූ 1900 සිදු වූ දේ

නිරෝධායන නීති කැඩූ 1900 සිදු වූ දේ

ගත වූ පැය 24ක කාලය තුළදී නිරෝධායන රීතීන් කැඩූ පුද්ගලයින් 23න් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඒ සමගම එසේ නිරෝධායන රීතීන් කඩ කල පුද්ගලයින් 1900කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා.

ඔක්තෝම්බර් මාසයේ 30 වනදා සිට මේ දක්වා නිරෝධායන රීතීන් කඩ කල පුද්ගලයින් 2044ක් අත් අඩංගුවට ගෙන ඇති බවත් ඉදිරි දිනවලදී තවත් පිරිසකට නඩු පැවරීකට කටයුතු කරමින් තිබෙන බවටත් ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *