රන්ජන්ගේ ලක්ෂ හතළිහේ සල්ලි දන්සල හැමෝටම විවෘර්ත වෙයි

රන්ජන්ගේ ලක්ෂ හතළිහේ සල්ලි දන්සල හැමෝටම විවෘර්ත වෙයි

නව වසරේදී ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයන් වෙනුවෙන් පිහිවීම සඳහා මුදල් දන්සලක් ආරම්භ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසුවා සිය යූටියුබ් චැනලය හරහා වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කලා

පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීම වෙනුවෙන් ලැබෙන දීමනාව සහ රුපියල් ලක්ෂයේ කාර්යාල දීමනාව එකතු වී මේ වනවිට රුපියල් ලක්ෂ 40 ක පමණ ප්‍රමාණයක් තමා සතුව තිබෙන බවත් එම සියලු මුදල් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන බවත් ඔහු පැවසුවා. මෙම සියලු මුදල් තමාට ලැබුණේ ජනතාව නිසා බැවින් එම මුදල් ජනතාව වෙනුවෙන්ම වෙන් කිරීමට තීරණය කළ බවයි රන්ජන් රාමනායක මහතා කියා සිටියේ.

මීට පෙර තමාට ලැබුණු වාහන පර්මිට් එකට අදාල මුදල්ද කලාකරුවන් වෙනුවෙන් වෙන්කළ කළ බවත් කෙසේ නමුත් එහිදී ඇතැම් පුද්ගලයන් එම මුදල් අවභාවිතා කළ බවත් පෙන්වා දෙන රාමනායක මහතා පවසන්නේ මෙවර එවැනි තත්වයක් ඇති නොවනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *