ආසාධිත දේහ පුච්චන තීන්දුව ගැන අනිල් ජාසිංහ මහතා කියූ දේ

ආසාධිත දේහ පුච්චන තීන්දුව ගැන අනිල් ජාසිංහ මහතා කියූ දේ

කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගෙන් මෘත දේහයන් ආදාහනය කළ යුතු බවට නිකුත් කරන ලද මුල් ගැසට්ටුව මේ මොහොතේත් බලාත්මක බව හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වත්මන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා සඳහන් කලා

කොරෝනා මෘත දේහයන් ආදාහනය කළ යුතුම බවට තීන්දු කරන ලද්දේ කොරෝනා ව්‍යාප්තිය ආරම්භයේ දී පැවැති තත්ත්වය අනුව කිසිම අවදානමක් නොගත යුතු බවට වන පදනමේ සිටිමින් බවද ඔහු පැවසුවා

නමුත් මාස හයකින් පසුව එළඹෙන තත්ත්වයන් මත විද්‍යාත්මක සාධක පදනම් කරගෙන එම තීන්දුව සංශෝධනය කළ හැකි බව ද ඒ බව එම ගැසට් නිවේදනයේම සඳහන් වී ඇතැයි ද ඔහු සඳහන් කලා

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම සංශෝධන සිදු කළ හැකි බවද ඒ මහතා කියා සිටියා

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම අදහස් පළ කර තිබුනා

කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යයට අනවශ්‍ය බවත් ඔහු තවදුරටත් සඳහන් කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *