උණුසුම් පුවත් – ධම්මික පැණිය කිසි වැඩකට නෑ එය ජනතාව මුලා කරන පැණියක්  බව අනිල් ජාසිංහ මහතා කියූ දේ

උණුසුම් පුවත් – ධම්මික පැණිය කිසි වැඩකට නෑ එය ජනතාව මුලා කරන පැණියක් බව අනිල් ජාසිංහ මහතා කියූ දේ

තමන්ට ලැබී ඇති තොරතුරු අනුව ධම්මික පැණිය කිසිදු වැදගත් කමක් නැතැයි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වත්මන් පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියා

ඒ මහතා පෙන්වා දෙන්නේ එම පැණිය ජනතාව මුලා කරන පැණියක් පමණක් බවටයි

අප කැමති වුණත් නැතත් බටහිර වෛද්‍ය විද්‍යාව පදනම් කරගෙන ප්‍රතිකාර ක්‍රමයක් ලෝකයේ සොයා ගන්නා ගනු ඇති බවත් ඉන් පරිබාහිරව ප්‍රතිකාර ක්‍රම සොයා ගත නොහැකි බවත් ඒ මහතා ප්‍රෙකාෂකලා

පුද්ලිකව අපිට විවිධ ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලිය හැකි වුවත් රටක් ලෙස මුහුණ දීමේදී විද්‍යාව අනුව කටයුතු කළ යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නා

විවිධ වසන්ගත රෝගාබාධ පැමිණි විට මේ ආකාරයේ විවිධ අය මතු වෙන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියා
සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *