අරණායක, අරම ප්රදේශයේ සපත්තු පාලම උඩදී ජනවාරි 1දා තරුණයෙකුට පහර දී මරා දැමීමේ පුවතක් වාර්තා වනවා.එම තරුණයාත් සමග ආරවුලක් ඇති කරගෙන තිබූ පුද්ගලයෙකු ජනවාරි 1දා 7.00ත් 9.00ත් අතර කාලය තුලදී මෙම අපරාධය සිදු කර තිබෙනවා.
එදින මරා දැමුණු තරුණයා සහ තවත් තරුණයින් දෙදෙනෙකු මත්පැන් බී නගරයට ගොස් එන අතරතුරදී යතුරු පැදියකින් පැමිණි ඔහුගේ ආරවුල්කරුවා පාර හරස් කොට පැමිණ ත්රීරෝද රථය පදවාගෙන පැමිණි මිය ගිය තරුණයාට පහර දී තිබෙන අතර ඔහුත් සමග පැමිණි ඔහුගේ යහළුවන් දෙදෙනා එය වැළැක්වීමට යාමේදී පැමිණි තවත් පිරිසක් ඔවුන් දෙදෙනාටද හොඳ හැටි පහර දී තිබෙනවා.සිද්ධියෙන් ත්රීරෝද රථය පදවාගෙන ආ තරුණයා මිය ගොස් තිබෙන අතර එක් පහර කෑ එක් යහළුවෙක් කෑගල්ල රෝහලටත් අනෙක් යහළුවා අරණායක රෝහලටත් ඇතුලත් කර තිබෙනවා.
සිද්ධියට යොදා ගත් යතුරුපැදියක් සමග පුද්ගලයින් 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.