තම ෆේස්බුක් පිටුවට සටහනක් එක් කරමින් ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හැක් කර තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.මේ වන විට තම සමාජ ජාල කණ්ඩායම එය යථා තත්ත්වය පත් කරගැනීමට කටයුතු කරගෙන යමින් සිටින බවත් ඒ හරහා තම රසිකයෙක් යම් අපහසුතාවයකට පත් වූවා නම් සමාව අයදින බවටත් ඔහු සඳහන් කර තිබෙනවා.මේ වනවිට ඔහුගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුමේ ඡායාරූප කිසිවක් නොමැත.
