දකුණු අප්රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟය අද ජොහැන්ස්බර්ග් හිදී ආරම්භ වුණා.එහිදී කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.පළමු ටෙස්ට් තරඟයේදී ක්රීඩකයන් 4ක් ආබාධයට ලක්වීම හේතුවෙන් ලහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, අසිත ප්රනාන්දු, මිනෝද් භානුක දෙවන තරඟයට එක් කරගෙන තිබෙනවා.
