වසර 300කට වඩා පැරණි ගස් ඇති කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති රජපිහිල්ල නම් උද්‍යානයේ ගස් 32ක් කපා ඉවත් කර ඇති බවට කුරුණෑගල සිවිල් සංවිධාන මෙන්ම නගර සභා මන්ත්‍රීන් පවා නගරාධිපතිවරයා වෙත චෝදනා එල්ල කර තිබෙනවා.ඔවුන් සියළු දෙනා චෝදනා කරන්නේ නගරාධිපතිගේ උපදෙස් මත සංවර්ධන කටයුත්තක් මුවාවෙන් මෙම විනාශය සිදු කර ඇති බවයි.
කුරුණෑගල නගරාධිපතිගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කියා සිටියේ නගරයේ සංවර්ධන කටයුත්තක් සිදු කරන බවත් අනවශ්‍ය ගස් කපා ඉවත් කල බවත්ය.විපක්ෂ මන්ත්‍රීන් ඔහුට අනවශය චෝදනා එල්ල කරන බවද ඔහු සඳහන් කලා.