බුද්ධි අංශ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ගුවන් හමුදාව එක්ව නාවික හමුදාව විසින් අද රුපියල් කෝටි 60කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී ධීවර යාත්‍රාවක් මීගමුව මුහුදු තීරයේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.එහි තිබී හශීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 80ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් සොයාගෙන තිබෙනවා.
එම යාත්‍රාවේ පුද්ගලයින් 4 දෙනෙකු සිට තිබෙන අතර නාවික හමුදාව විසින් ඔවුන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.අත් අඩංගුවට ගත් පුද්ගලයින් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සොයාගෙන තිබෙනවා.