දකුණු අප්‍රිකාව සමග ඊයේ දිනයේදී ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157කට සීමා කිරීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත් වුණා.එහිදී ආරම්භක පිතිකරු පමණක් ලකුණු අතරට පැමිණි අතර අනෙකුත් ක්‍රීඩකයින් ඉතා අඩු ගණනකට දැවී ගියා.
එම තරඟයේදී දෙවන කඩුල්ල ලෙස කුසල් ජනිත්ගේ කඩුල්ල බිඳවැටෙන විටදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 71ක් ලෙස සටහන් වී තිබුණි.පිතිකරුවෙකු ටෙස්ට් ක්‍රිකට් තරඟයකදී ලකුණු 60කට වඩා ලබාගෙන දැවී යන විටදී එම පිතිකරුවාගේ කණ්ඩායම ලබාගෙන තිබූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතරට එක්වී තිබුණා.
මින් පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ එංගලන්ත කණ්ඩායමයි.