කෝටි එක හමාරකට වැඩි වටිනාකමකින් යුත් ගජමුතු 6ක් විකිණීමට යාමේදී ධනවත් මැණික් ව්‍යාපාරිකයෙකු මාතරදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත් අඩංගුවට පත් වී තිබෙනවා.පොලීසියට ලද ඔත්තුවක් මත උපායමාර්ගිකව ඔහු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සහ ගජමුතු තංගල්ල වනජීවී කාර්යාලයට භාර දී තිබෙන අතර ගජමුතු ලබා ගැනීමට ඇතෙකු ඝාතනය කලේද යන්න සොයා බැලීම සඳහා විමර්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.