දේශපාලනඥයකුගේ බෑණා කෙනෙකුට කොළඹ ප්‍රදේශයට වැලි ගෙන ඒම සඳහා විශේෂ දුම්රියක් යොදවා ඇතැයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා
මෙම පුද්ගලයා වැලි කැපීමේ බලපත්‍ර ඉල්ලා අයදුම්පත් 67ක් ඉදිරිපත් කළ අයෙකු යයිද එම වාර්තාවේ සදහන්
පොළොන්නරුවේ සිට කොළඹට එම දුමරිය මගින් වැලි ගෙන ඒමට බෑනා කටයුතු කරමින් සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා එම වාර්තාව සඳහන් කරනවා
එම දුම්රිය යොදවා ඇත්තේ පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා බැවින් එය වහා අවලංගු කරන්නැයි ඉල්ලමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති රැසක් බලධාරීන්ට ලිපි යවා ඇතැයි බව සදහන්