ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජා-ඇල ඩිපෝවේ සේවය කරන සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජා-ඇල ඩිපෝව තාවකාලිකව වසා දැමූ බව ලං.ග.ම. සභාපතිවරයා සඳහන් කර සිටියා.
එමෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වීම නිසා තාවකාලිකව මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමා තවත් සේවකයින් 6ක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
එම සේවකයාට සෙම්ප්රතිෂ්යා රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් කොරෝනා පරීක්ෂාවක් සිදු කර තිබෙන අතර එහිදී කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු වී තිබුණා.