එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක නිරතවන බව වාර්තා උනා
වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම රැස්වීම පැවති අතර මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා පක්ෂය ඇතුලු පක්ෂක කිහිපයක නියෝජිතයින් පැමින තිබුනා
පසුගිය දෙසැම්බර් මස 30 වනදා ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කෙරෙන යෝජනා සම්බන්ධයෙන් කමිටුවක් පත කල බවට දෙමළ ජාතික සන්ධානයේ පාර් ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මාධ්‍යට පවසා තිබූ අතර එම කමිටු සාමාජිකයින් මෙලෙස සහභාගී තිබුනා
අදාල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මෙසේ කියා තිබුනා
‘ ජනීවා මානව හිමිකම් සැසිවාරය වෙනුවෙන් පසුගිය සැසිවාරයේදී උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් ඉදිරිපත් කල යොජනා සම්බන්ධයෙන් දීර් ඝ වශයෙන් සාකච්ඡා කලා ඒ වගේම එම යෝජනා වලට අමතරව වෙනත් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත් කල කමිටු සාමාජිකයින් මෙලෙස රැස්වුනා ඉදිරියේදී පක්ෂ නායකයින් ඇතුලු කමිටු සාමාජිකයින් රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි
– වන්නි රොමේෂ් මධුෂංඛ