දඹුල්ල නගරයේ තානායමක් තුළ රහසිගතව මියගොස් සිටි 40 හැවිරිදි රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය වී ඇති බවට ඔහුගේ මළ සිරුරෙන් කල පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.
ඔහුට කොරෝනා ආසාදනය වීම නිසා දඹුල්ලේ පොලීසියේ, මහ නගර සභාවේ, රෝහලේ සේවකයින් සහ එම පුද්ගලයා මියගොස් සිටි තානායමේ සියලු දෙනාත් නිරෝධායනයට යොමු කර තිබෙනවා.