දළදා මාලිගාවේ දිය අගලේ පෞරාණික පැති බැම්ම ගැලවෙයි

දළදා මාලිගාවේ දිය අගලේ පෞරාණික පැති බැම්ම ගැලවෙයි

මහනුවර දළදා මාලිගාවේ දිය අගලේ පැති බැම්ම ඊයේ සවස සිට පැවතුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගැලවී ගොස් තිබෙන බව වාර්තා වනවා.

මෙම ස්ථානයේ මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සංස්කරණ කටයුතුද කරගෙන යමින් තිබී ඇත.ශ්‍රී විෂ්ණු දේවාළය ඉදිරිපස ඇති දේව සන්හිඳ ආසන්නව පිහිටි දිය අගලේ ආරක්ෂිත බැම්මේ මීටර් 10 ක පමණ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර බැම්මේ තවත් කොටසක්ද කඩා වැටීමේ අවධානමට ලක්ව තිබේ.

මෙම පුරාවිද්‍යා දේපලවලට සම්බන්ධ සියළු රජයේ ආයතන මේ වන විට මෙම බැම්ම පිළිසකර කිරීම සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කරගෙන යන බව මාලිගාවේ බස්නායක නිලමේ සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *