lpl ෂැංග‍්‍රිලා හෝටලයේ කෑම බිල කෝටි 04 පැනලාළු ක‍්‍රිකට් ආයතනයෙන් සියල්ල ගෙවලාලු

lpl ෂැංග‍්‍රිලා හෝටලයේ කෑම බිල කෝටි 04 පැනලාළු ක‍්‍රිකට් ආයතනයෙන් සියල්ල ගෙවලාලු

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කෝටි හතරකට වැඩිය හෝටල් බිල්පතක් ක්‍රිකට් ආයතන විසින් ගෙවා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කලා

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ඇමති නාමල් රාජපක්ෂ මහතා වාචික පිළිතුරු බලාපොරොත්තුවෙන්

ආහාර සහ අනෙක් වියදම් සඳහා ෂැංග්‍රිලා හෝටලයට රුපියල් හාර කෝටිය ඉක්මවූ බිලක් ක්‍රිකට් ආයතනය විසින් ගෙවා ඇති බවත් එමෙන්ම ඌව පළාත් සභාවෙන් ද රුපියල් ලක්ෂ පන්සීයකට අධික මුදලක් මෙම තරගාවලිය සඳහා වියදම් කර ඇතැයි තොරතුරු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියා

ඇමති නාමල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි

නමුත් තරගාවලියෙන් ලාබයක් මිස පාඩුවක් ලබා නොමැති බවද වගකීමෙන් පවසන්නේ යයිද ඇමැතිවරයා සඳහන් කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *