මල අපද්‍රව්‍ය සියයට 90ක් භූගත ජලයට එක්වීමේ අවදානමක් තියෙනවා – වාසුදේව නානායක්කාර

මල අපද්‍රව්‍ය සියයට 90ක් භූගත ජලයට එක්වීමේ අවදානමක් තියෙනවා – වාසුදේව නානායක්කාර

නාගරික ප්‍රදේශවල භූගත ජලයට මල අපද්‍රව්‍ය ඇතුළු විවිධ අපද්‍රව්‍ය එක්වීම හේතුවෙන් එහි ගුණාත්මකභාවය බොහෝ සෙයින් පහත බැස ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශය කියනවා

ඒ සඳහා කඩිනමින් විසදුම් සොයා ගැනීමට නොහැකි වුවහොත් මෙරට පානීය ජල පරිභෝජනයට බරපතල ගැටළු එල්ල විය හැකි බවයි විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවා

ඔහු මේ බව කියා සිටියේ ජාතික මළ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා පැවති වැඩමුළුවකට සහබාගී වෙමිනුයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මළ අවද්‍රව්‍ය සියයට 90ක් පමණ ඍජුවම භූගත ජලයට එකතු වී ඇති බවට පර්යේෂකයන් සොයාගෙන ඇති බවටයි

ඒ අනුව ඉදිරියේදී නිවාස සැලසුම් සකස් කිරීමේදී, කර්මාන්තශාලා සහ හෝටල් ඉදිකිරීමේදී ක්‍රමවත් මල අපද්‍රව්‍ය බැහැර කිරිමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට කටයුතු කරන බව ද ඔහු පවසා සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *