මාතර බාලවයස්කාර දැරියන් යොදවා සිදුකල ගණිකා ජාවාරමක් පිළිබඳ පසුගියදා තොරතුරු වාර්තා වුණා.එම ජාවාරමේ ප්රධාන සැකකාරිණිය අද දිනයේදී මාතර නගරයේදී පොලිස් අත් අඩංගුවට පත් වුණා.
ඇය සහ තවත් සැකකරුවන් 3න් දෙනෙකු අද අත් අඩංගුවට ගෙන තිබෙන අතර මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්රධාන සැකකාරිනිය ලබන 11 වනදා දක්වාත් අනෙක් සැකකරුවන් 3න් දෙනා ලබන 18වනදා දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණා.