පවුගිය 5 වනදා බුලත්සිංහල, ගල්කැටිය ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු මිණිපිරිය නැලවීමට කුකුලේ ගඟට පැන පීනන අවස්ථාවේදී දියේ ගිලී මියගොස් තිබෙනවා.ඔහු දියේ ගිලී අතුරුදන් වී තිබෙන අතර 6වනදා නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් පැමිණ පරීක්ෂා කිරීමේදී අඩි 30 පමණ ගැඹුර ස්ථානයක පතුලේ තිබී ඔහුගේ සිරුර හමුවී තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ ගාමිණී සිල්වා නම් අයෙකු බව සඳහන් වනවා.සිදුවීම වන අවස්ථාවේ ඔහුගේ මිණිපිරිය වඩාගෙන ඔහුගේ බිරිඳ ද එම ස්ථානයේ සිට ඇති බවට වාර්තා වනවා.ගඟේ දිය පහර සැර වැඩි වීම නිසා ඔහු ගිලෙන්නට ඇති බවට සැක පල කරනවා.