අද සිට ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද(09) කාලගුණ වාර්තාව මෙන්න

අද සිට ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද(09) කාලගුණ වාර්තාව මෙන්න

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් අද දිනයේ රාත්‍රී කාලයේ සිට වැස්සේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.

උතුරු පලාත, උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත, මධ්‍යම පලාත වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් නැගෙනහිර පලාත, උතුරු පලාත, ඌව පලාත, මධ්‍යම පලාත යන පලාත්වල සමහර ස්ථාන වලට මි.මී.75 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.

අනෙකුත් ප්‍රදේශවලටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන බවත් සමහර ප්‍රදේශවලට මි.මී.100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *