වත්මන් රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකේ බලය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබාගත් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කලා
එම ඡුන්ද ලබාගැනීමට රිෂාද් බදුර්දීන් සහ රවුෆ් හකීම් සමග සාකච්ඡා සිදු කරන ලද්දේ ටිරාන් අලස්ගෙන් නිවසේ දී බවද ඔහු පවසා සිටියා
එහිදී පක්ෂ නායකයින් දෙදෙනා ඡන්ද ලබා නොදී පක්ෂවල අනෙක් සාමාජිකයන්ගේ ඡන්දය ලබා දීමට එකඟතාවය පළ කළ බවත් සාලි මහතා පවසා සිටියා
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා