ආණ්ඩුව වැරදි පාරේ යනවා පෙරළා දානවා බැසිල්ගේ ප‍්‍රකාශය දැඩිව හෙලා දකිනවා

ආණ්ඩුව වැරදි පාරේ යනවා පෙරළා දානවා බැසිල්ගේ ප‍්‍රකාශය දැඩිව හෙලා දකිනවා

ආණ්ඩු වැරදි පාරේ යනවා නම් එම ආණ්ඩුව පෙරළා දැමීමට පසුබට වන්නේ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ නවීන් සොයිසා මහතා සඳහන් කළේ තම සංගයමයට ආණ්ඩු පෙරළීමේ ශක්තිය තිබෙනව බවයි

වෛද්‍යවරුන් 20,000ක සාමාජිකත්වය තම සංගමය සතු බවද ඒ මහතා සදහන් කලා

තම සංවිධානයට බැසිල් රාජපක්ෂ මහතාගෙන් නාම යෝජනා ඉල්ලා නැති බවත් ඔහු විසින් කරන ලද එම ප‍්‍රකාශය දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරන බවත් ඔහු පැවසුවා

තම සංවිධානය පොහොට්ටුවේ අනුබද්ධ සංවිධානයක් නොවන බවත් ඔහු පෙන්වා දෙනවා

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *