දයාසිරි ජයසේකර මහතාට වැලදී ඇති කොරෝනා ආසාදනය දින 03ක් ඇතුලත සුව කිරීමට තමන් සූදානම් බව රිටිගල දේවේන්ද්ර වෙද මහතා පවසනවා
ඇමතිවරයා කැමැත්ත පල කරන්නේ නම් තමන් ඔහු සිටිනා තැනට විත් රෝගය සුව කිරීමට සූදානම් යයිද ඒ මහතා කියා සිටියා
කොරෝනා ආසාදිත වූ ඇමති දයාසිරි ජයසේකර මහතා මේ වන විට හික්කඩුවේ හෝටලයක රදවා තිබෙනවා
තමන්ගේ ඖෂධනය නිෂ්පාදනය කරන්නේ රාවණ යුගයේ සන්නසක ඇති වට්ටෝරුවකින් බවත් උකුසු බිත්තර හා ගංජා ඒ සදහා යොදා ගන්නා බව රිටිගල වෙද මහතා සදහන් කලා