කුරුණෑගල, කුඩාගලමුව ප්රදේශයේදී නිවාස දෙකකින් පොල් සොරකම් කල පිරිසක් පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා.රුපියල් 71,000ක් වටිනා මෙම පොල් තොගය සොරකම් කිරීමට යොදා ගත් කුඩා ප්රමාණයේ ලොරි රථයක්ද පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් වනවා.අත් අඩංගුවට ගත් 6 දෙනා අතරේ වයස අවු: 13ක් වන පිරිමි දරුවෙක්ද සිටින බව සඳහන් වනවා.
