යුක්රේනය පූර්ණ ලෙස ලොක් ඩවුන් කර නොමැති බවත් ඒ නිසා යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටිය
ඔහු අවධාරණය කරන්නේ යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය කල යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරීන් විසින් බවයි
මෙරට කොවිඩ් කමිටුව සහ සෞඛ්‍ය බළධාරින් මෙතෙක් එවැනි තීරණයක් ගෙන ඇත්තේ එංගලන්තය සම්බන්ධයෙන් පමණක් බව ද ඇමතිවරයා පවසා සිටියා
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ පැවැති ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරු ව මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කලා