මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් සෞඛ්‍ය උපදෙස් වලට අනුව සංචාරය කිරීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සඳහන් කර සිටිනවා
එසේ නොකළ හොත් ඉදිරි දෙසතිය රට පුරා කොරෝනා පාලන කටයුතු වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වීමට තීරණය කර ඇති බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටිය
සෞඛ්‍ය උපදෙස් නොපිළිපදමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අදීක්ෂණයකින් තොරව මෙරටට එන විදේශීය සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරන බවද ඒ මහතා පවසා සිටියා
උපුල් රෝහන මහතා ව් ඇඩිදුරටත් පවසා සිටියේ එවන් වටපිටාවක මෙරට ජනතාවට නිරෝධායන නීතිය රකින්නැයි උපදෙස් දීමට නොහැකි බව