ගල්කිස්ස ප්‍රදේශයේ හොර රහසේ පවත්වාගෙන ගිය ගණිකා සේවා මධ්‍යස්ථානයක් වැටලීමට ගල්කිස්ස පොලීසියට හැකිවී තිබෙනවා. විවිධ වෙබ් අඩවිවල දැන්වීම් පල කරමින් පාරිභෝගිකයින් ගෙන්වා ගමිනිම් මෙම ගණිකා මධ්‍යස්ථානය රහසිගතව පවත්වාගෙන ගොස් තිබෙනවා.
එම වැටලීමේදී සැකකාරියන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර වැඩි දුර පරීක්ෂණ වලදී තවත් සැකකාරියන් 9දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.වරකට රුපියල් 5,000 කට පමණ අලෙවි වන මොවුන් සියළු දෙනාම 25, 28, 30 යන වයස් වල පසුවන්නන් බව වාර්තා වනවා.වැලිමඩ, මාතර, බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි ඔවුන් කොළඹ රැකියාවක් කරන බව පවසමින් මෙම රැකියාවේ නිරත වී තිබෙනවා.