මීට වසර 20කට ඉහතදී තම බිරිඳගේ කලින් විවාහයෙන් ලද 11 හැවිරිදි දියණිය රවටා වරින් වර තම කාමාශාවන් ඉටු කරගත් අම්බලන්තොට වලවේවත්ත පදිංචි 48 හැවිරිදි රණමුඛගේ ආරියපාල නැමති පුද්ගලයෙකුට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 25000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් නියම කිරීමට පූර්වගාමී හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් කටයුතු කර තිබෙනවා.
