කොරෝනා එන්නත ඉක්මනින්ම අප රටට ලබා දෙන මෙන් ජනාධිපති ලඛිතවම ඉල්ලයි

කොරෝනා එන්නත ඉක්මනින්ම අප රටට ලබා දෙන මෙන් ජනාධිපති ලඛිතවම ඉල්ලයි

කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලබා දෙන මෙන් තමන් ඉන්දීය අගමැතිට හා චීන ජනාධිපතිට ලිපි දෙකක් පුද්ගලික ව යැවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කලා

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දියාව සහ චීනය අප රටට එන්නත් යම් කොටසක් නොමිලේ ලබා දෙනු ඇති බව පවසන ජනාධිපතිවරයා ඉතිරි කොටස මිලදී ගැනීමට සිදුවන බවද සඳහන් කර සිටියා

මුල් වරට පැමිණි වෛරසයේ ප්‍රභේදය සාර්ථක ලෙස පාලනය කරගත් නමුත් දෙවැනි වර පැමිණි ප‍්‍රබේදය ඉතා ඉක්මනින් බෝ වන නිසා එම තත්වය තේරුම් ගෙන ජනතාව පරිස්සමින් ජීවත් විය යුතු බවද ජනාධිපතිවරයා අවදාරනය කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *