ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමනට චරිත දෙකක් ඇතැයි පැවසීමෙන් පෙනී යන්නේ ඔහු දෙබිඩ්ඩෙක් බව යයි ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා කියනවා
ඔහු පෙන්වා දෙන්නේ චරිත දෙකක් ඇති පුද්ගලයන්ට ගම්වල පවසන්නේ දෙබිඩ්ඩා යනුවෙන් බවටයි
ජනාධිපතිවරයා මේ තරම් කිපී ඇත්තේ ඔහුගේ සම්පූර්ණ නම කීමෙන් නිසා බවද දිසානායක මහතා කියා සිටියා
සමාජය බිය වද්දමින් සිදු කරන චන්ඩි දේශපාලනය තවදුරටත් ලංකාවේ දේශපාලනයට වලංගු නැතැයි ජනාධිපතිවරයාට මතක් කරන බවද ඔහු තවදුරටත් කියා සිටිනවා
ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ දී පැවති රැස්වීමකට එක්වෙමින්