දෙමාපියන්ට නොදන්වා කහඹිලියාව සනීප කරගැනීමට ගිය එකෙක්ට වුණු අවාසනාවන්ත සිදුවීම

දෙමාපියන්ට නොදන්වා කහඹිලියාව සනීප කරගැනීමට ගිය එකෙක්ට වුණු අවාසනාවන්ත සිදුවීම

කොග්ගල පාලම අසලදී දිය නාමින් සිටි තරුණයින් පස් දෙනෙකු අද සවස මුහුදු රළකට හසුවී ගසාගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා.

අද සවස ඉමදූව ප්‍රදේශයේ මිතුරන් පස් දෙනෙකු නිවෙස් වල නොදන්වා මුහුදේ දිය නෑමට ගොස් තිබෙන අතර දිය නාමින් සිටියදී එක් වරම පස් දෙනාම රළ පහරකට හසුවී මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා.ඉන් දෙදෙනෙකු බේරී ගොඩට පැමිණ කෑ ගැසීමෙන් අනතුරුව ගම් වාසීන් කිහිපදෙනෙකු පැමිණ දෙදෙනෙකු බේරාගෙන ඇතත් එක් තරුණයෙකු සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. පසුව නාවික හමුදා බෝට්ටුවක්ද පැමිණ සෝදිසි කලත් එම තරුණයා මේ වන විටත් සොයා ගෙන නොමැති බව වාර්තා වනවා.

අතුරුදන් වූ තරුණයා වයස අවුරුදු 18ක අයෙක් බව පැවසෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *