පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද දිනයේ සිට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව සඳහන් කර තිබෙනවා.විශේෂයෙන්ම බස්නාහිර පලාතේ සහ ඒ අශ්‍රිතව එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව වාර්තා වනවා.
සියලුම ව්‍යාපාර, ආයතන, කර්මාන්තශාලා ආදියේ අත් සේදීමට ස්ථානයක් අනිවාර්යයෙන්ම පිළියෙල කර තිබිය යුතු බවත්, පැමිණෙන සියලු දෙනාගේ උෂ්ණත්වය පරීක්ෂා කල යුතු බවත්, පැමිණෙන අය සඳහා නාම ලේඛනයක් අනිවාර්යයෙන්ම පවත්වාගෙන යා යුතු බවත්, ආයතනය තුළ දුරස්ථභාවය රැකෙන අයුරින් කටයුතු කල යුතු බවත්, ආයතනයේ සියලු දෙනාගේ උෂ්ණත්වය වරින් වර පරීක්ෂා කල යුතු බවත් එසේ නොකරන්නේනම් නීති කඩ කිරීමක් වන බවත් නිජෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර සිටියා.