යාපනය සරසවියේ උපකුලපති මුල්ලවයික්කාල් ස්මාරකයට යලිත්  මුල්ගල් තබයි

යාපනය සරසවියේ උපකුලපති මුල්ලවයික්කාල් ස්මාරකයට යලිත් මුල්ගල් තබයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පාමින් සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ සාකච්ඡාවකින් අනතුරුව අද උදෑසන අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා

ඒ අනුව අද අලුයම උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතා විසින් මාරාන්තික උපවසායේ නිරත සිසුන් පිරිස හමු වී යුද ස්මාරකය කඩා ඉවත් කරන ලද ස්ථානයේ නැවත ස්මාරකයක් ඉදිකර දෙන බවට පොරොන්දු වී සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙසේ මාරාන්තික උපවාසය අවසන් කිරීමට සිසුන් විසින් කටයුතු කර තිබුනා

කඩා දැමුනු යුද ස්මාරකය නැවත සාදාදෙන ලෙස ඉල්ලා සිසුන් විසින් ආරම්භ කරන ලද මාරාන්තික උපවසායේ නිරත වූ සිසුන් ඊයේ රාත්‍රීෙය් කිසියම් අසනීප තත්වයක් ඇතිවීමත් සමග යාපනය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් උපවසාය තිබූ ස්ථානයට පැමිණ වෛද්‍ය ප්‍රතිකාරද ලබා දී තිබෙනවා

අනතුරුව අද අලුයම් කාලයේදී යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිගේ ප්‍රධානත්වයෙන් උපවාසයේ නිරත සිසුන්ට කැඳ කෝප්පයක් ලබා දීමෙන් අනතුරුව සිසුන් විසින් උපවසාය නවතා තිබෙනවා

කෙසේ වෙතත් අද දින මුල්ගල තැබුනු ස්මාරකය ඉදිරියේදී සාමයේ කුලුණ ලෙසින් හැඳින්වීමට නියමිත බවයි යාපනය විශ්වවිද්‍යාලයේ ආරංචි මාර් ග වැඩිදුරටත් සදහන් කර සිටියේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *